About Us
අප ගැන බිඳක්,
සාමාන්‍ය වෙළඳපොළෙහි නොමැති, තවමත් ප්‍රචලිත නොමැති ගණිත උපකරණ බොහොමයක් ඉතා පහසු මිලට ගණිත කැඩපතෙන් හඳුන්වා දී ඇත. ගණිත ගුරුභවතුන් සඳහා ඉගැන්වීම් ක්‍රියාවලියට උපයෝගී කර ගැනීමට හැකිවන සේ හා ගණිතය ප්‍රියජනක විෂයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම උපකරණ හඳුන්වා දී ඇත. එසේම මනා අවබෝධයෙන් හා ගණිත විෂය ඉගැන්වීමේ කාර්යයෙහි වසර 30කට ආසන්න කාලයක් පළපුරුදු රජයේ පාසලක ගුරුභවතෙකු විසින් මෙම උපකරණ නිර්මාණය කරනු ලබයි. සෑම උපකරණයක් පිළිබඳව කෙටි හැඳින්වීමක් හා භාවිතයට මගපෙන්වීමක් ඇතුළත් කර ඇත. ඔබගේ ගුණදොස් විචාරය මගින් වඩාත් උපරිම සේවයක් ලබාදීමට සෑම විටම අපි ඇපකැප වී සිටින්නෙමු. එසේම ගණිත සංකල්ප තහවුරු වී අඩු ලකුණු සහිත දරුවන් හඳුනාගනිමින් ඔවුන්ට මනා ඉගැන්වීම් පරිසරයක් නිර්මාණය කිරීමෙන් ගණිත විෂයට කැමැත්තක් ඇතිකරලීම මෙහි වෑයමයි.
+ මතක ශක්තිය වැඩි දියුණු කර ගැනීම,
+ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ හැකි වීම,
+ විනය හා මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
+ සිතීමේ හැකියාව වර්ධනය,
+ මානසික ආතතිය අඩු කර ගැනීමට හැකි වීම,
ආදී ගුණාංග වැඩිදියුණු කර ගැනීමට මෙම ක්‍රීඩා හා ක්‍රියාකාරකම් උපකාරී වේ.
ඔබ පාසලේ ගණිත කඳවුරු සදහා ද, ගණිත උපකරණ හඳුන්වා දීමේ වැඩමුළු සංවිධානය සඳහා ද අපව අමතන්න.
ගණිත කැඩපත
https://ganithakadapatha.edu.lk
info@ganithakadapatha.edu.lk
0773672038